ශ්‍රී ලංකාවට කලකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා.
කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම "ව්‍යාජ පුවතක්" බවයි.