මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සියයට 30ත් 35ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බව විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ අතර, විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ප්‍රතියෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස 6.6ක් වන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කඩිනමින් ප්‍රතියෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.