ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුව අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.
එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවයි.