රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගිය රජය විසින් කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය විසින් මේ සම්බන්ධව මුදල් තිබේදැයි නිරීක්ෂණයක් පවා සිදුකර නොමැති බවයි.
රාජ්‍ය සේවකයින්ට බොරු පවසා ඔවුන් නොරවටන බවත්, ලබන 2025 වසරේදී රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කිරීමක් කරන බවට සහතිකයක් ලබාදෙන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.