විෂයභාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවයි එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් වර්ජනයේ නිරතවීමටයි සූදානම් වන්නේ.