ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noelle Duris ඊයේ දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමු වී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටටම අදාළ කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ප්‍රංශ තානාපති කාර්යාලය සමුද්‍රීය ආරක්‍ෂාව බාර ප්‍රංශ හමුදා තාක්ෂණික සහයෝගීතා නිලධාරීවරයාද ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරීවරයාද එම අවස්ථාවට සහභාගී වී තිබුණි.