අවශ්‍යතාවයේ ප්‍රමුඛතාව සළකා ඉක්මනින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔහු ප්‍රකාශ කළේ, ඉදිරියේදි කිසිවෙකුට විදේශ ගමන් බලපත් නොලැබී යාමේ අවදානමක් නැති බවයි.
මාස හයකට ප්රමාණවක් විදේශ ගමන් බලපත්‍ර තොග ලැබෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියා.
සමස්තයක් ලෙස විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දාහක් ඇනවුම් කර ඇති අතර ඒවා කොටස් වශයෙන් ලැබෙමින් පවතින බව සඳහන්.