/
/
title icon
"Old Money" විලාසිතාව.
"Old Money" විලාසිතාව.
Thisara Rajapaksha
2 months ago
Share:
"Old Money" විලාසිතාව.

"Old Money Trend" යනු ප්‍රචලිත විලාසිතාවකි. එනම් මෙය ප්‍රකට හා පැරණි ධනවත් පවුල් පෙනුම විදහාදක්වන විලාසිතාවකි. මෙම විලාසිතාවේ දී බොහෝ විට සරලත්වය හා අභිමානය යන ලක්ෂණ පෙන්වීමට උත්සාහ කරයි.

“Old Money” විලාසිතාවේ දී භාවිත කරන්නේ සරල වර්ණ සහිත ඇඳුම් පමණි. ඉතා පැහැදිලි වර්ණයන් (නීල්, සුදු, කහ, අලු, කළු වැනි) සහ සරල පේටන්ස් භාවිතා කරයි."Old Money Trend"හි ප්‍රමුඛම සන්නාමයන් ලෙස Ralph Lauren, Chanel, Hermès වැනි සන්නාමයන් මෙන්ම මනා තාක්ෂණයක් සහිත ඉහළ තත්වයේ නිෂ්පාදන ද ඇතුළත් වේ.

මෙම විලාසිතාව අනුගමනය කරන පුද්ගලයන් තුළ මෙය තුළින් ආකර්ෂණීය පෙනුමක් විදහා දක්වයි.මෙය ධනවත් පවුල්වලට සම්බන්ධ වූ සංකේතවත් විලාසිතාවක් සහ සම්ප්‍රදායික ආකාරයේ පාරිභෝගික වටිනාකම් සහිත විලාසිතාවකි. මෙම විලාසිතාව ධනවතුන්ගේ පවුල් පරම්පරා තුළින් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන ගුණාංග සහ සම්ප්‍රදායන් මත පදනම් වෙයි.

"Old Money"විලාසිතාවෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ සරලත්වය සහ අවශ්‍යතාවය මත පදනම් වූ පෙනුමයි. අතිශයින්ම පැරණි ගුණාංග සහ සම්ප්‍රදායන් ඉස්මතු කරන මෙම විලාසිතාවට අනුව පෙනුමක් ගොඩනැඟීමෙන් එය අතිශයින්ම සරල ප්‍රතිරූපයක් නිර්මාණය කරයි. මෙහි දී අතිශය පිරිපහදු නොකෙරෙන, කලාත්මක ශෛලීන් නැති, මෑත ප්‍රචලිත විලාසිතා නවීකරණවලට එකඟ නොවන, මාර්ගික ආකාරයේ ඇඳුම් සැලසුම් අනුගමනය කරයි."Old Money Trend"විලාසිතාවේ කලාත්මක, පැරණි රටා සහ කල්පවතින නිල්, සුදු, රන්, කහ, කළු වැනි මුහුණුවර සහිත පැහැයන් ප්‍රධාන වේ.

මෙම විලාසිතාව ඇඳුම්වලට පමණක් සීමා නොවී, ජීවන රටාවක් ලෙසද සැලකේ. ඒ අනුව ඇඳුම් සහ පැළඳුම් “Old Money”විලාසිතාවේ ඇති සරල හා උචිත ඇඳුම් පමණක් පැළඳීම පුරුදු කරගනී. එමඟින් සරල පැහැ සහිත ඇඳුම් සහ එහි වටිනාකම ඇති උපකරණ,පැළඳුම්,වගකීම් සහිත සන්නාමයන්(චනෙල්,රැල්ෆ්ලෝ,රන්,හර්මස්,ප්‍රඩා වැනි) භාවිතයන් තුළින් සිය ගුණාත්මක බව මූලික කරගනී.

එමෙන් ම මෙම විලාසිතාව වැළඳගන්නන් අනුගමනය කරන ආචාර සහ මනෝභාවය ප්‍රිය වටිනාකමක් සහිත සරල පැවතීම පෙනුමක් ලෙස සහ පුරුද්දක් ලෙස ගනී. ඔවුන් වඩාත් සුහද සහ අවංක හැසිරීමක් පෙන්වයි.

මෙම විලාසිතාව වැළඳගන්නන් නිවාස අභ්‍යන්තර සැලසුම්වල දී වටිනා රටාවන් සහ ශෛලීන් පවත්වාගෙන යාමට ආශාවක් ඇත. ඒ සඳහා භාවිතා වන දේවල් වලට ඉහළම තත්වයක් සහිත පැරණි රටා සහ උදාසීන පැහැයන්, ඇතුළත් කරමින් කලාත්මක ගුණාංග භාවිත කරයි.

"Old Money Trend"අනුගමනය කරන අය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන සන්නාමයන්ට ඉතා කැමැත්තක් දක්වති. ඔවුන් භාවිතා කරන්නේ හොඳම කාර්මික නිෂ්පාදන සහ සන්නාමයන් වන Ralph Lauren, Chanel, Hermès, Cartier වැනි අතිශයින්ම නිශ්චිත ගුණාත්මකතාවයක් සහිත නිෂ්පාදන වේ.

Old Money Trend තුළ මනා පුරුද්දක් ලෙස සරලත්වය, අවශ්‍යතාමය සහ කලාත්මක වටිනාකම පවත්වාගෙන යාම දැකගත හැකිය. Old Money විලාසිතාව අනුගමනය කිරීමෙන් බොහෝ අය තම ප්‍රතිරූපය නිර්මාණය කිරීමක් නොහොත් ගොඩනැගීමක් සිදු කරයි.

බටහිර රටවල, විශේෂයෙන්ම යුරෝපය හා ඇමෙරිකාවේ ධනවත් පවුල් මැද වර්ධනය වූ අතර, පරම්පරා ගණනාවක් හරහා පවතින්නට උදාහරණයක් ලෙස හැඳින්විය හැකිය.ඇමෙරිකානු Ivy League විශ්වවිද්‍යාල පරිසරය, යුරෝපීය කුමාර කුමරියන්ගේ ඇඳුම්, සහ එංගලන්තයේ පාරම්පරික වාසස්ථාන සහිත විලාසිතා දක්වා විවිධ රටවල මෙම විලාසිතාවේ සමාන පාරිසරික පරිසරයන් පවතී.

ශ්‍රී ලංකාවේ"Old Money"විලාසිතාව බටහිර රටවල පරිදි සෘජුවේම නොමැති වුවද, එය ස්වකීය සම්ප්‍රදායන් හා උරුමයෙන් විශේෂ තෝරාගෙන ඇත. මෙහි දී විශේෂයෙන්ම පැරණි දේපළවලින් සහ අභිජන සම්ප්‍රදායන්ගෙන් පැවත එන පුරාණ රේඛාන්විත ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යාත්මක විලාසිතා, හා පැරණි ඇඳුම් රටා දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ මෙම විලාසිතා ලක්ෂණ ලෙස විශේෂයෙන්ම කොලනි ක්‍රමයේ සහ කුඩා කුටි මෝස්තරයේ නිවාස, කොටු, හා මන්දිර, දැක්වෙන ස්වකීය පෙනුමක් සහිතය. මෙහි දී දැල් ඇදීම, ලාම්පු, සහ ඉහළ සාල පහසුකම් වැනි බටහිර හා දේශීය මෝස්තර මිශ්‍ර වූ විලාසිතා පවත්වා ඇත.තව ද අභිජන පවුල් අතර සාරිය, වයර් බත් එක හා ටිවීඩ් විලාසිතා යුගල කරමින් ඇති සරල ඇඳුම්, සම්ප්‍රදායික රෙදි මත පදනම්ව පැරණි විලාසිතාවන් නිරූපනය කරයි.එමෙන්ම පවුල් අතර පරම්පරා ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් රැක ගැනීමට කැපවීමක් පවතී. උදාහරණ ලෙස, සම්ප්‍රදායික චාරිත්‍ර, උත්සව, හා වංශ පරම්පරා අනුව විශේෂ අවස්ථාවන් තුළ පැරණි වස්තු භාවිතා කිරීම දැකගත හැකියි.අභිජන පවුල් සතු ධන සම්පත් වසර ගණනාවක් පුරා රැකගෙන ආ පාරම්පරික ව්‍යාපාර හා ව්‍යාපාරික ස්ථාන නිසා මෙම විලාසිතාව තවදුරටත් පවත්වාගෙන යාමට හැකි වී ඇත.

ශ්‍රී ලංකාවේදී මෙම විලාසිතාව, බටහිර රටවල තරම් ප්‍රබල ලෙස සෘජුව විහිදී නොමැති වුව ද, දේශීය සම්ප්‍රදායන් හා පැරණි සම්පත් නිසා පූර්ණ ලෙස එකතු කරගත් අද්විතීය පෙනුමක් රඳා පවතින බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රියසාද් පවුල,කවිඳු මදුෂාන්,මුතූ තරංගා,යොහානි ද සිල්වා,ජූලියා සොනාලි ආදී පුද්ගලයන් මෙම විලාසිතාව භාවිත කරන ආකාරය වර්තමානයේ සමාජ මාධ්‍ය තුළින් නිරූපණය වේ.

තිසාරා රාජපක්ෂ .

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required