/
/
title icon
මහ මැතිවරණයේ තැපැල් ඡන්දප්‍රකාශ කිරීම අදින් ඇරඹේ
මහ මැතිවරණයේ තැපැල් ඡන්දප්‍රකාශ කිරීම අදින් ඇරඹේ
Uresha Perera
3 months ago
Share:
මහ මැතිවරණයේ තැපැල් ඡන්දප්‍රකාශ කිරීම අදින් ඇරඹේ

මෙවර තැපැල් ඡන්ද ලකුණු කිරීමේ කටයුතු අදින් ආරම්භ වෙනවා.ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල,මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල,පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවලද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
අද දිනට අමතරව ලබන නොවැම්බර් පළවෙනිදා හා හතර වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපැල් ඡන්දදායකයින් ජාතික හැඳුනුම් පත ,වලංගු රියදුරු බලපත්‍රය ,වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත ,ජාතික හැදුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉන් එකක්වත් රැගෙන යා  යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required