
ජාතික ජන බලවේගයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
"රට හදන අපි එකට මාලිමාවට" ජනහමු මාලාවේ මාතර පැවති ජන හමුවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ඇතැමුන් ආණ්ඩුව කඩා වැට්ටවීම සඳහා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණ කිරීමට පටන්ගෙන ඇති බවයි.