/
/
title icon මාධ්‍ය විචාර ප්‍රවේශ.
මාධ්‍ය විචාර ප්‍රවේශ.
Thisara Rajapaksha
2 weeks ago
Share:
මාධ්‍ය විචාර ප්‍රවේශ.

මාධ්‍ය විචාරයක් පෝෂණය කිරීම සඳහා විවිධ දෘෂ්ඨිවාදයන් යටතේ විචාරය සිදු කළ හැකිය. එනම් යම් මාධ්‍ය නිර්මාණයක් පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ තුළින් විචාරය කළ හැකිය. එහෙත් එය කිසියම් න්‍යායාත්මක පදනමක් මත පිහිටා ගොඩ නැගෙන්නේ නම් වඩාත් උචිතය.ඒ සඳහා වැදගත් වන මාධ්‍ය විචාර ප්‍රවේශයන් කිහිපයක් ලෙස,මාක්ස්වාදී විචාර ප්‍රවේශය,මනෝ විශ්ලේෂණවාදී ප්‍රවේශය සහ ස්ත්‍රීවාදී විචාර ප්‍රවේශය දැක්විය හැකිය.

මාක්ස්වාදී විචාර ප්‍රවේශය.

සම්භාව්‍ය මාක්ස්වාදය ඉදිරිපත් කර ඇත්තේ කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසිනි. මානව සමාජය තුළ මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ දැකිය හැකි බලය පිළිබඳ අදහස ද, පන්ති භේදය සහ සමාජ අසමානතාවය දුරු කිරීම උදෙසා ද, නිර්ධන පන්තියේ අඥාදායකත්වය මගින් ධනපති පන්තිය නැති කිරීම ද පදනම් කරගනිමින් මෙය බිහි විය. ඒ සඳහා මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ බලය තුළනය කළ යුතුය යන අදහස මාක්ස්වාදී විචාරයට මුල් වී ඇත.

මාක්ස්වාදී විචාරය අනුව ජනමාධ්‍ය ඔස්සේ ගොඩනගන නාට්‍ය සංස්කෘතියෙන් නිරන්තරයෙන් ධනේෂ්වර සමාජයේ අවශ්‍යතා සහ සුපිරි ජිවන පැලැන්තියේ වරප්‍රසාද ලත් කණ්ඩායම්හි අපේක්ෂා පදනම් කරගන්නා බව ද පිළි ගැනේ. ඒ අනුව මාක්ස්වාදයට අනුව බලය සහ ධනය සහිත සමාජ පන්තිය විසින් සිය බලය සෙසු සමාජ කණ්ඩායම් වෙත මුදා හැරීම සඳහා මාධ්‍ය සංදේශ යොදා ගනියි. මාධ්‍ය නිෂ්පාදන යොදා ගනිමින් ග්‍රාහකයා වෙත විවිධ දේ පැතිර වීම. පැවරීම හා පරාවර්ථනය පිළිබඳව ද මෙම විචාරය තුළ අවධානය යොමු කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය, ධනය සහ බලය මත ගොඩනැගෙන සමාජ අසමතුළිත බව යනාදිය ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණය මූලිකව විග්‍රහ කළ ද, ඉන් ඔබ්බෙහි වූ දෘෂ්ඨිවාදී දේශපාලන විද්‍යාත්මක හා සෞන්දර්යයාත්මක ආදි විවිධ දෘෂ්ඨින් ඔස්සේ ද මාක්ස්වාදය තුළ විචාරය සිදු කරයි.විවිධ සමාජීය සංවිධාන හා ආයතන, මාධ්‍ය සහ මාධ්‍ය ආයතන ආධිපත්‍ය සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසනු ලබන නිසා මාක්ස්වාදී විචාරය නූතන සමාජයට අවශ්‍ය වේ.

මාක්ස්වාදී විචාරයේ පුරෝගාමීන් ලෙස අන්තෝනියෝ ශ්‍රීමට්ස්කි, ලුවි අලුතුසාර්. ඩැනියෙල් චාන්ස්ලර් ආදී මාක්ස්වාදී විචාරකයන් දැක්විය හැකිය.

මනෝ විශ්ලේෂණවාදී විචාර ප්‍රවේශය.

සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරන ලදී මනෝ විශ්ලේෂණවාදය මූලික කරගනිමින් පසු කාලීනව බිහි වූ මාධ්‍ය විචාර ක්‍රම වේදයක් ලෙස මනෝ විශ්ලේෂණවාදී විචාර ප්‍රවේශය හැඳින්විය හැකිය. විශ්ලේෂණවාදයේ දී ඉඩ අහංභාවය, ඊගෝ අහංභාවය සහ උපරි අහංභාවය යන තල තුනක් ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කර ඇති අතර මානව ක්‍රියාකාරීත්වයේ මතු පිටට පෙනෙන දේ පමණක් පදනම් කරගනිමින් සැබෑ මානව චින්තනය හඳුනාගත හැකි බව මනෝ විශ්ලේෂණවාදයේ තර්කය වේ. මාධ්‍ය ඔස්සේ මිනිසාගේ යටි හිතහි තැම්පත්ව ඇති අදහස්, හැඟීම් සහ චින්තනයන් ප්‍රකාශ කරන බව මනෝ විශ්ලේෂණවාදී විචාර ප්‍රවේශයේ දී දක්වයි.

මනෝ විශ්ලේශනවාදී විචාරයට අනුව මනෝ විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ මාධ්‍ය සංදේශ විචාරයට ලක් කරයි. මෙම විචාර ක්‍රම වේදය තුළ පිළිගනුයේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය මනසේ ප්‍රති නිර්මාණයක් බවත්, එමඟින් ග්‍රාහක මනස තෙරෙහි ඉතා සියුම් මනෝ විද්‍යාත්මක බලපෑම් කළ හැකි බවත්ය. මාධ්‍ය මඟින් ජනතාවට ආමන්ත්‍රණය කරමින් අවිඥානික රුචිකත්වයන්, ආශාවන් හා අවශ්‍යතාවන් ගොඩනගන බවත් මනෝ විශ්ලේෂණවාදී විචාරය මඟින් පෙන්වා දෙයි.

මනෝ විශ්ලේෂණවාදී විචාරකයන්ට අනුව,ළදරුවන් නොසන්සුන් කිරීමට මෝඩ බලවත් බලපෑම් කරයි.වෙළඳ දැන්වීම් අපේ මූලික සිහිකල්පනාවන්හි සැඟවුණු සිතුවිලි වලට ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයකි.සංකේතාත්මක මාධ්‍යස භාවිතාවන්හි යටි අරුත් විමසිය හැකිය.ව්‍යාජ සන්නිවේදනයන් හඳුනා ගත හැකිය.

පුද්ගලයා කෙරෙහි චිත්තවේදී බලපෑම් කරමින් මාධ්‍ය මඟින් පුද්ගල සිතෙහි උපදනා සිතුවිලි සහ හැඟීම් ආතතියට පත් කරන්නේ කෙසේද යන්න විමසයි.වෙළඳ දැන්වීම් වැනි මාධ්‍ය ක්‍රියා හේතුවෙන් බිහිවන පුනුරුක්තිය මඟින් ග්‍රාහකයාට මානසික බලපෑමක් කරයි.

පූර්ව අත්දැකීම් හා මාධ්‍ය ඇසුර සම්බන්ද සංදේශ ඔස්සේ සංදේශ ග්‍රාහක මනසට බලපෑම් කරයි.මාධ්‍ය ඇසුර මඟින් ගොඩනැගෙන අන්තර්වර්තී සහ අන්තර් පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරයි.මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ග්‍රාහකයා මනංකල්පිත ජිවිත වලට තල්ලු කරයි.

මේ අනුව බලන කළ, මාක්ස්වාදී මාධ්‍ය විචාරය මඟින් ග්‍රාහකයාට නව චින්තන ආලෝකයක් ලැබේ. එනම්, මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් ඔස්සේ සංදේශ දෙස බැලීම මගින් ග්‍රාහක චින්තනය ද වර්ධනය වේ. තව ද මාක්ස්වාදී මාධ්‍ය විචාරය මඟින් ප්‍රභල සමාජ පුරවැසියකු බිහිකර ගැනීමට ද හැකියාව ලැබේ.

මනෝ විශ්ලේෂණවාදී විචාරය ඔස්සේ මාධ්‍ය සන්දේශ මඟින් ග්‍රාහක මනස වෙත එල්ල කරන බලපෑම් මනාව හඳුනාගත හැකි අතර, ඊට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය සහ කුසලතා ග්‍රාහකයා තුළ වර්ධනය කරමින් ප්‍රහළ සමාජ පුරවැසියෙක් බිහිකර ගැනීමට ද පසුබිම ගොඩනගා ගත හැකි ය. මාධ්‍ය බලපෑම ප්‍රභල වන නූතන සමාජයට මනෝ විශ්ලේෂණවාදි විචාර ක්‍රමවේදය අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. මේ අනුව බලන කළ, මාක්ස්වාදී මාධ්‍ය විචාරය මඟින් ග්‍රාහකයාට නව චින්තන ආලෝකයක් ලැබේ. එනම්. මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් ඔස්සේ සංදේශ දෙස බැලීම මඟින් ග්‍රාහක චින්තනය ද වර්ධනය වේ. තව ද මාක්ස්වාදී මාධ්‍ය විචාරය මඟින් ප්‍රභල සමාජ පුරවැසියකු බිහිකර ගැනීමට ද හැකියාව ලැබේ.

මනෝ විශ්ලේෂණවාදී විචාරය ඔස්සේ මාධ්‍ය සන්දේශ මඟින් ග්‍රාහක මනස වෙත එල්ල කරන බලපෑම් මනාව හඳුනාගත හැකි අතර, ඒට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය සහ කුසලතා ග්‍රාහකයා තුළ වර්ධනය කරමින් ප්‍රභල සමාජ පුරවැසියෙක් බිහිකර ගැනීමට ද පසුබිම ගොඩනඟා ගත හැකි ය. මාධ්‍ය බලපෑම ප්‍රභල වන නූතන සමාජයට මනෝ විශ්ලේෂණවාදි විචාර ක්‍රමවේදය අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

ස්ත්‍රීවාදී විචාර ප්‍රවේශය.

ස්ත්‍රී අයිතිවාසිකම් සහ ලිංගික සමානාත්මතා පදනම මත ගොඩනැගුණු ස්ත්‍රී වාදය සහ ස්ත්‍රීවාදී විචාරයේ පදනමයි. ස්ත්‍රිය මූලික කරගත් දෘෂ්ටි කෝණයක් ඔස්සේ මාධ්‍ය මඟින් කාන්තාව නිරූපණය කර ආකාරය ස්ත්‍රීවාදී විචාරය තුළින් විශ්ලේෂණය කරයි.

ස්ත්‍රීවාදී විචාරය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන සිංහල සාහිත්‍ය විචාර කලාව තුළ අතීතයේ සිටම දැකිය හැකි විචාර එළඹුමකි. සාහිත්‍යයෙන් නොනැවතී ගීතය, සිනමාව ආදී කලාවන්හි ද ස්ත්‍රීවාදී විචාර ප්‍රවේශය යොදාගනු දැකිය හැකි ය. ස්ත්‍රීවාදී විචාර කලාවට පදනම වන ස්ත්‍රී වාදය පැන නගින්නේ පුරුෂයා විසින් ස්ත්‍රීය අසමානත්වයට පත් කරයි” යන මතයට එරෙහිව ය. 19 වන සියවසේ දී පමණ සමාජය තුළ ඉස්මතු වූ සංකල්පයක් ලෙස ද ස්ත්‍රීවාදය දැක්විය හැකි ය.

මාධ්‍ය තුළ බොහෝ අවස්ථාවන්හිදී කාන්තාව අවප්‍රමාණය කරමින් සංදේශ ඉදිරිපත් කරයි. ස්ත්‍රී - පුරුෂ භාවය ඉස්මතු කරමින් මාධ්‍ය මගින් කාන්තාවට එරෙහිව බොහෝ සංදේශ ඉදිරිපත් කරයි. පුරුෂාධිපත්‍ය සහ පීතෘ මූලික භාවය පදනම් කර ගනිමින් බොහෝ සාහිත්‍ය හා මාධ්‍ය නිර්මාණ බිහිවීම කාන්තාවන්ගේ තත්ත්වය තවදුරටත් පහත හෙලීමට හේතු වී ඇති බව කිව හැකිය. සමාජය තුළ කාන්තාව දෙවැනි කොට සැලකීම, ස්ත්‍රීකන්‍යාභාවය,වෛශ්‍යත්වය,ලේච්ඡත්වය සහ අශිෂ්ඨත්වය යන සාධක මූලික කරගනිමින් කාන්තාව හෙලා දැකීම බොහෝ මාධ්‍ය මගින් සිදු කරයි. මේ සමඟ ස්ත්‍රිය සතු ස්වභාවිකත්වය ඉක්මවා,දේශපාලන-ආර්ථික අතකොළුවක් ලිංගික භාණ්ඩයත්, වහලියක් ලෙස කාන්තා දරිතය ප්‍රතිනිර්මාණය කරයි. මේ අනුව මධ්‍ය මගින් කාන්තාවන්ට එරෙහිව තාන්තාව හෙළා දැකීම, චරිත ඝාතනය, මෙන්ම වැරදි අර්ථ කථන සැපයීම ද කරමින් කාන්තාවට වෙනස්කම් සිදු කරයි.

මාධ්‍ය විසින් කාන්තාව ඒකාකෘතික ලෙස නිරූපණය කරයි. එනම්, මාතෘත්වය, ගෘහ කටයුතු, කාන්තා ශ්‍රමය හා ලිංගිකත්වය ආදී සාධක මඟින් කාන්තාව එකම රාමුවකට කොටු කිරීමට මාධ්‍ය කටයුතු කරයි. මේ නිසා සාමාන්‍ය සමාජය තුළ හමුවන කාන්තාව සතු ස්වභාවික ස්ත්‍රීත්වය මාධ්‍ය මගින් නිරූපණය නොකරයි. නමුදු මව්වරුන්, භායාවන්, දියණියන්, පෙම්වතියන් ලිංගික භාණ්ඩ ලෙස නිරූපණය කරයි. ස්ත්‍රීවාදී විචාරය මගින් මෙකී මාධ්‍ය භාවිතාවන් ප්‍රශ්න කිරීම හා විමසීම සිදු කරනු ලබයි.උදාහරණ ලෙස ටෙලිනාට්‍ය තුළින් නිරූපිත ස්ත්‍රීය විමර්ශනය කිරීම.

ගීත තුළින් නිරූපිත ස්ත්‍රිය පිළිබඳ විශ්ලේෂණය කිරීම.(ළඳුනේ අමරසිරි පීරිස්, සන්නාළියනේ...-අමරදේව, කඳුළු හෙළ...... දීපිකා)

මාධ්‍ය විසින් ස්ත්‍රීය හෙළා දකිනුයේ මාධ්‍ය තුළ පුරුෂාධිපත්‍ය පවත්නා නිසා බව පිළිගැනීමයි. නමුත් සත්‍ය ලෙසම මාධ්‍ය විසින් සිදු කළ යුතු වන්නේ ස්ත්‍රීන් සහ ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් මාධ්‍ය නිර්මාණ ඔස්සේ සාකච්ඡාවට ලක් කිරීමයි. නමුත් ස්ත්‍රීන්ගේ වටිනාකම් පිළිබඳ බොහෝ පැතිකඩයන් මාධ්‍ය මඟින් නොසලකා හරී. එබඳු අවස්ථා පිළිබඳව විචාරයට ලක් කිරීම ස්ත්‍රීවාදී විචාරයේ කාර්‍යය වේ. තව ද කාන්තා ගැටළු මාධ්‍ය මඟින් විකෘති කිරීමත් ඒවාට පීතෘ මූලික දෘෂ්ටියක් ලබාදීමත් මාධ්‍ය විසින් සිදු කරයි. මේ පිළිබඳව විශ්ලේෂණය කිරීම ද ස්ත්‍රීවාදී විචාරයේ කාර්යකි.උදාහරණ ලෙස වෙළඳ දැන්වීම් තුළින් කාන්තාව ලිංගිත භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳ විචාරය කිරීම. ටෙලි නාට්‍ය තුළින් නිරූපිත විකෘති කරණයට ලත් කළ කාන්තා පැතිකඩ පිළිබඳ විචාරය කිරීම.

අතීතයේ සිට බොහෝ සන්දේශ තුළින් කාන්තාව ඉස්මතු කිරීමට උත්සහ දරා ඇත. පැරැණි සාහිත්‍ය තුළ ස්ත්‍රීය සතු සුන්දරත්වය. ප්‍රඥාව ආදී උසස් ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කර ඇත. (තලතා දේවියගේ කතා වස්තුව සංදේශ තාව්‍යන්හි ස්ත්‍රී වර්ණනා) නමුත් අද වන විට ස්ත්‍රීයගේ මෙකී ගුණාංග පවා මාධ්‍ය විසින් ඉස්මතු කරනුයේ කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්කරමිනි. මෙම අවභාවිතාවන් විමර්ශනය කර ඊට එරෙහිව හඬ නැගීම සඳහා ස්ත්‍රීවාදී විචාරය අතිශය වැදගත් වේ.

තිසාරා රාජපක්ෂ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required