
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371ක් බවයි.
නව මිල සංශෝධනයත් සමග සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313ක් වනු ඇති.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිලේ වෙනසක් සිදුව නැහැ.