ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව තවදුරටත් පෙන්වා දෙනවා.