මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ රථය පොලිස් භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
මෙම සුඛෝපභෝගී රථයේ ලියාපදිංචි අංකයටම තවත් රථයක් මහනුවර වත්තේගම ප්රදේශයේ ද ඇති බව පොලීසිය දන්වා තිබෙනවා.