කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.
සිද්ධිය ගැන පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.