
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ එළැඹෙන තරගවාරය සඳහාද රඳවා තබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර චෙන්නායි කණ්ඩායමේම රඳවා ගැනීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කිරීමත් සමඟයි.
එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් හිමිවනවා.