/
/
title icon මහජනතාවට පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කළ හැකියි - වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්
මහජනතාවට පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කළ හැකියි - වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්
Editor
3 weeks ago
Share:
මහජනතාවට පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කළ හැකියි - වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

මේ පිළිබඳව තමන් යටතේ සිටින සියලු පොලිස් නිලධාරීන් දැනුවත්කරන ලෙස සඳහන් කරමින්  වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට ලිපියකින් දැනුම් දී ඇති බව සඳහන්. 

පොලිස් නිලධාරීන්ගේ විව්ධ ක්‍රියාකාරකම් වීඩියෝ කරන අවස්ථාලදී ඇතැම් පොලිස් නිලධාරීන් එම වීඩියෝගත   කරන   පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝ දර්ශන ලබා ගන්නා ජංගම දුරකතන හා පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් වාර්තා වී ඇති බවත් මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. 

මෙලෙස   වීඩියෝ ගතකරන සංස්කරණය නොකළ දර්ශන අපරාධ හෝ සිවිල් නඩු කටයුතුවලදී සාක්ෂි පනතට අනුව විත්ති හා පැමිණිලි පාර්ශ්වයන් දෙකටම සාක්ෂි ලෙස  ප්‍රයෝජනයට ගතහැකි බවද වැඩබලන පොලිස්පතිවරයා එමගින් වැඩිදුරටත් පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required