/
/
title icon මහ මැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි
මහ මැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි
Editor
3 weeks ago
Share:
මහ මැතිවරණයේ තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙනවා.

පසුගිය 30 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව සලසා දී තිබුණා.

ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. 

ඊට අමතරව නොවැම්බර් මස 04 වැනිදාද රාජ්‍ය සේවකයින්ට සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවතිනවා. 

අද සහ නොවැම්බර් 04 තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් මස 7 සහ 8 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී  තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required