විදෙස් ගමන් බලපත්ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ නොවැම්බර් මස අගදී ගමන් බලපත්ර 100,000 ක් හා දෙසැම්බර් මස තුළදී ගමන් බලපත්ර 150,000 ක් ලැබෙනු ඇති බවයි.
විදෙස් ගමන් බලපත්ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබු විදෙස් ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම් ප්රකාරව ගමන් බලපත්ර 50,000 ක් මේ වනවිට ලැබී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇති බව සඳහන්.
එම දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ ඊට සමගාමීව තවත් ගමන් බලපත්ර තොගයක් ප්රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවය.
මාර්ගගත ක්රමය යටතේ විධිමත් පරිදි දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සඳහා ක්රමවේදයක් සකස් කිරීමට ක්රියාමාර්ග ගෙන ඇති අතර එම ක්රමවේදය නුදුරු දිනකදි ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන්.