/
/
title icon භාරනොදුන් ඇමති නිල නිවාස 5ක් ගැන විශේෂ පරීක්ෂාවක්
භාරනොදුන් ඇමති නිල නිවාස 5ක් ගැන විශේෂ පරීක්ෂාවක්
Kavindi Yaggahavit
2 weeks ago
Share:
භාරනොදුන් ඇමති නිල නිවාස 5ක් ගැන විශේෂ පරීක්ෂාවක්

හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකු භාවිත කළ රජයේ නිල නිවාස භාරගැනීම තවදුරටත් අවසන්ව නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, අදාළ නිවාසවල පවතින ඇතැම් ගැටලු හේතුවෙන්, එම නිවාස භාරගැනීම් ප්‍රමාද වී ඇති බවයි.

පවතින ගැටලු කඩිනමින් නිරවුල් කරන්නැයි, ඔවුන්ට දැනුම් දී ඇති බව සඳහන් වන අතර අමාත්‍යාංශය පවසා තිබෙන්නේ ලබන සතිය තුළ භාරනොදුන් නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

එම අවස්ථාවල හිටපු අමාත්‍යවරයෙකු හෝ ඔහුගේ සමීපතමයින් අදාළ නිවසේ රැඳී සිටින බවට තහවුරු වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required