අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර අමාත්‍යාංශය භාරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙලෙස ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා කියා සිටියේ.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට ලොහාන් රත්වත්තේ මහතා මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 31 වැනිදා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔහු ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.