/
/
title icon Global Eye - ශ්‍රී ලංකාව තුළ දී එල්ල කිරීමට සූදානම් වූ ඊශ්‍රායල් ප්‍රහාරය හා වර්තමාන ඊශ්‍රායල - ඉරාන යුධ තත්ත්වය
Global Eye - ශ්‍රී ලංකාව තුළ දී එල්ල කිරීමට සූදානම් වූ ඊශ්‍රායල් ප්‍රහාරය හා වර්තමාන ඊශ්‍රායල - ඉරාන යුධ තත්ත්වය
Presila Sandaruwani
2 weeks ago
Share:
Global Eye - ශ්‍රී ලංකාව තුළ දී එල්ල කිරීමට සූදානම් වූ ඊශ්‍රායල් ප්‍රහාරය හා වර්තමාන ඊශ්‍රායල - ඉරාන යුධ තත්ත්වය

විසි හය සෙනසුරාදා අලුයම ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව සඳහා ඊශ්‍රායල් හමුදාවේ පුහුණු ගුවන් නියමුවරියන්ද සහභාගි වී ඇති බව ඊශ්‍රායල් මාධ්‍ය පවසයි.ඒ අනුව එම ප්‍රහාරයේ දී පළමු වරට ඊශ්‍රායල ගුවන් හමුදාවේ කාන්තා නියමුවරියන් සිව් දෙනෙකු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට සහභාගී වී ඇති බව ඊශ්‍රායල් මාධ්‍ය පවසයි. එම මාධ්‍ය වාර්තා ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට වග බලා ගෙන තිබූ අතර ඡායාරූප දෙකක් පමණක්  පළ කර තිබුණි. ඇතැම් මාධ්‍ය එම පුවත වාර්තා කර තිබුණේ කාන්තාවජීවිතයනිදහස යන මැයෙනි. ජාත්‍යන්තර  විශ්ලේෂකයින් ඊශ්‍රායලයේ මෙම හමුදා නියමුවරියන් නව යුගයක ආරම්භයක් ලෙස පෙන්වා දෙයි.

ඉරානය ඉස්ලාමීය පාලනයේ ආඥාදායකත්වය බිඳ වැටීමට සහ ඉරානයේ සහ ඊශ්‍රායලයේ ජනතාවගේ නිදහසට හේතුවිය හැකි යුගයක් එළඹෙනු ඇතැයි ද ඔවුහු පවසති. මෙය ඉරානයේ අයිතුල්ලා පාලනයේ ත්‍රස්තවාදී ආඥාදායකත්වයේ අවසානය සනිටුහන් කරන යුගයක ආරම්භය පමණක් වනු ඇති බව ද ඇතැම් වාර්තා පෙන්වා දී ඇත. ඉරාන ජනතාව සහ ඊශ්‍රායල ජනතාව අතර සබඳතා යළි ස්ථාපිත කරන දිනය පැමිණෙනු ඇති බව ඔවුන් පවසා ඇත. ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ  ප්‍රහාර මාලාව සඳහා ප්‍රහාරක යානා ද ඇතුළුව ඊශ්‍රායල හමුදාවේ ගුවන් යානා 140 ක් පමණ සහභාගී වී ඇති බව සඳහන් විය. ඒ අතරට ප්‍රහාරක ගුවන් යානාඉන්ධන සපයන ගුවන්යානා සහ මුදා ගැනීමේ බලකාය රැගත් ගුවන් යානා  වූ අතර මෙහෙයුමේ දී ඒවා කිලෝමීටර් දෙදහක් පමණ දුරක් පියාසර කර ඇති බව පැවසෙයි.     

මධ්‍යම ඊශ්‍රායලයේ ගිලිලොට් අසල බස් නැවතුමකට 27 වන දින ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් හතළිස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඊශ්‍රායල් හදිසි වෛද්‍ය සේවය වන නාගම් ඩේවිඩ් ඩැඩොම් සඳහන් කර ඇත. ඒ වන විට එක් පුද්ගලයකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද සඳහන් කර තිබුණි. පරිපූරක වෛද්‍යවරුන්  තුවාල ලැබූ හය දෙනකුට සහ මධ්‍යස්ථ තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනකුට ප්‍රතිකාර කළ බව ඊශ්‍රායල් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවය පැවසීය. සාමාන්‍ය තුවාල ලැබූ පුද්ගලයින් විසිදෙනෙකු සහ සිහිමද තත්ත්වයෙන් සිටින පුද්ගලයින් හතර දෙනෙකුට ද වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දුන් බව ඊශ්‍රායල හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවය සඳහන් කර තිබුණි. තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් වැඩිහිටියන් බව ද සඳහන් කෙරිණි. එම සිදුවීම සිදුවන ස්ථානයේ සිටි සිවිල් වැසියන් ට්‍රැක් රථ රියැදුරාට වෙඩි තබා ඔහු ව්‍යාර්ථකර ඇති බව ඊශ්‍රායල් පොලිසිය සඳහන් කර තිබුණි. පොලිසිය සඳහන් කර ඇත්තේ මූලික පරීක්ෂණවලට අනුව බස් රථයක් අදාළ බස් නැවතුම්පොළ අසල නතර කර ඇති අතර පසුව ට්‍රක් රථය බස් රථය සහ බස් නැවතුම්පොළේ සිටගෙන සිටි පුද්ගලයකුගේ ගැටී ඇති බවයි. 

50ed2e66e15e32f42d13485f513b6bcb.jpg

සෙනසුරාදා දින ඉරානයට ඊශ්‍රායලය විසින් එල්ල කළ පුළුල් ගුවන් ප්‍රහාර හේතුවෙන් දිගු දුර බැලැස්ටික් මිසයිල නිපදවීමට ඉරානයට ඇති හැකියාව තව දුරටත් අඩාල වී ඇතැයි පැවසී ය. එය ප්‍රකෘතිමත් කිරීමට ඉරානයට සැලකිය යුතු කාලයක් ගතවන බවත්, ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉරානයේ මිසයිල විහිදුම් පද්ධති කිහිපයකට හානි සිදු වී ඇති බවත් සඳහන් වේ. ඊශ්‍රායල ප්‍රහාර ඉරානයේ ගුවන් ආරක්ෂක බැටරය විනාශ කිරීම හේතුවෙන් අනාගත ප්‍රහාරවල දී ඉරානයේ තීරණාත්මක බලශක්ති පහසුකම් අවදානමට ලක්විය හැකි ඉඩකඩ ඉතා ඉහළ බව  සඳහන් වේ. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ ඉරානයේ ප්‍රදේශවල ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරන විද්‍යාඥයන් සහ ප්‍රහාර විශ්ලේෂණය කරන ලද ඊශ්‍රායල-ඉරාන සහ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙම තොරතුරු සඳහන් කර තිබුණි. න්‍යෂ්ටික අවි පර්යේෂණය සහ සංවර්ධනය සඳහා අතීතයේ භාවිත කරන ලද තෙහෙරාණය ආසන්නයේ පිහිටි රහසිගත කඳවුරක් සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන කර්මාන්ත, ඊශ්‍රායල ඉලක්ක වී ඇති බව පැවසේ. ඉරානයේ මිසයිල විහිදුම් පද්ධතිවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එරට අබාධාන් තෙල් පිරිපහදුවබණ්ඩාර් ඉමාන්ඩ් කාමයෙනි පෙට්‍රල් රසායනික සංකීර්ණය සහ යාබද ප්‍රධාන වරායක් මෙන්ම ඉලාම් පළාතේ ටැනික් වේජාර් ගෑස් නිදිය ද අනාරක්ෂිත බවට පත්ව ඇතැයි සඳහන් වේ. ඉමාම් ඔබේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ අගනුවර අතරින් මලයිට් මිසයිල කඳවුරේ ස්ථාපිත කර තිබූ රුසියාවේ නිෂ්පාදිත එස් 300 වර්ගයේ ගුවන් ආරක්ෂක පද්ධති තුනක් ප්‍රහාරවලින් අහිමි වූ බව සඳහන් වේ. එමෙන්ම ඉරානයේ සොල්දාදුවන් හතරක් මියගිය බවත් එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් සඳහන් වේ. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසන්නේ මෙතෙක් ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි. සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඉරානයේ බලය ඊශ්‍රායලයට ප්‍රදර්ශනය කරන්නේ කෙසේදැයි ඉරාන් නිලධාරීන් තීරණය කළ යුතු බව ඉරාන් උත්තරීතර නායක කමේනි පවසා ඇත.  ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ක්‍රියාව සුළු කොට තැකීම හෝ අතිශෝක්තියක් නොවිය යුතු බවත් ඔහු පවසා ඇති බව ඉරාන මාධ්‍ය පැවසීය. 

ඉරාන ජනතාවගේ බලය සහ කැමැත්ත ඊශ්‍රායල පාලන තන්ත්‍රයට ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න මෙම ජාතියේ සහ රටේ අවශ්‍යතාවයට ක්‍රියා කරන ආකාරය තීරණය කිරීම බලධාරීන් සතු බව කමේනි පෙන්වා දී ඇත. ඔහුගේ ප්‍රකාශයෙන් ඊශ්‍රයලයට එරෙහි ක්ෂණික හමුදා ප්‍රහාරයක් සැලසුම් කර නොමැති බව පෙන්නුම් කෙරෙන බව විචාරකයින් පවසයි. ඊශ්‍රායල ප්‍රහාරය ඇතැමුන් පුරෝකථනය කළත් එය සීමා සහිත ද යන්න පිළිබඳව ඉරානය තුළ විවාදයක් ආරම්භ වී ඇති බව පැවසෙයි. ඇතැමුන් පවසන්නේ ඊශායලයට හමුදාමය ප්‍රතිචාරයක් අවශ්‍ය වන බව සහ එවැනි කිසිවක් නොකරන්නේනම් ඉරානය දුර්වල ලෙස පෙනෙනු ඇති බවයි. මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය මෙන් ජෙබින් නෙතන්න්‍යාහු පවසා ඇත්තේ ගුවන් හමුදාව ඉරානය පුරා ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ ආරක්ෂක හැකියාවන් සහ ඊශ්‍රායල නැවත එල්ල කරන මිසයිල නිපදවීමේ හැකියාවට ද ඊශ්‍රායලය දැඩි ලෙස පහර දුන් බව ද ඔහු පවසා ඇත. ඉරානයේ ප්‍රහාරයේ නිරවද්‍යතාවය බලවත් අතර එහි සියලු අරමුණු සාක්ෂාත් කරගත් බව ද ඔහු පැවසීය.

ඉරානය විසින් තව දුරටත් ඊශ්‍රායලයට එරෙහිව ගාසාවේ දී හමාසෝලෙබනනයේ දී හිස්බුල්ලා යොදා ගත නොහැකි බව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් පැවසීය. ජෙරුසලමේ පැවති අනුස්මරණ උත්සවයක දී අදහස් දක්වමින් ඔහු ඒ බව පවසා තිබුණි. පසුගිය වසර පුරා ඊශ්‍රයල ආරක්ෂක හමුදාවන් විසින් මෙහෙයවනු ලැබූ ආරක්ෂක සංස්ථාපිත‍ය යුද්ධයේ රැල්ල ඇරඹූ බවත්, ඊශ්‍රායල හමුදාව පසුගිය වසරක කාලය තුළ දී සියලු සටන් ක්ෂේත්‍රයන්හි පෙර නොවූ විරූ ජයග්‍රහණ ලබා ඇති බවත්, හමාස් තවදුරටත් ගාසා තීරයේ හමුදා ජාලයක් ලෙස ක්‍රියාත්මක නොවන බවත්, හිස්බුල්ලාගේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් සහ එහි මිසයිල හැකියාවන් බොහෝමයක් දැනටමත් අතුගා දමා ඇති බවත්, එබැවින් හමාස් සහ හිස්බුල්ලා යන කණ්ඩායම් දෙක ම ඉරානයට තවදුරටත් භාවිත කිරීමට ඇති ඵලදායී මෙවලමක් නොවන බව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ "එක්ස්" සමාජ ගිණුම මේ වන විට අත්හිටුවා තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාගේ ගිණුම අත්හිටුවා ඇත්තේඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් හා ඊශ්‍රායලයට දොස් නගමින් පෝස්ට් පල කළ නිසාවෙනි.

 

4dccd475bfa983b8333f8a0a24335f47.jpg

ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ  ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙනි. ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානය පසුගිය පළමුවැනි දා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරක් වශයෙනි. කමේනි ඉලක්ක කර ගනිමින්ද ප්‍රහාරයක් එල්ල කරන බවට මේ වන විට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.

එලෙස ම ශ්‍රී ලංකාවේ ආරුගම්බේ සංචාරක කලාපයේ ඊශ්‍රායල ජාතිකයන්ගේ "චබාඩ් හවුස් " නමින් ආගමික ස්ථානයක් පවත්වාගෙන යන බවත් ඊශ්‍රායල සංචාරක පිරිසක් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇත. මෙම තත්ත්ව  හමුවේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පිළිබඳව මේ තුළ දැඩි කතා බහක් පවතී.

මේ සිදුවීම සමගම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන අතර ම ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතකයින් පවත්වාගෙන ගිය ආගමික ස්ථානය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි  කතාබහක් සහ වාද විවාද ගොඩනගන ලද මාතෘකාවක් බවට පත් විය. එම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වී සිටියා යැයි පවසන ඊශ්‍රායල  පිරිස එම ප්‍රදේශයේ ඉඩම් මිල දී ගත් බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කොට ඇත. මෙම යුදෙව් ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ඉරානයේ සිට බවත් සහ එම එක් ප්‍රහාරකයකුට ලක්ෂ පහක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කරයි.

ඊශ්‍රායලය  දියත් කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමත් සිදු කොට තිබේ.කෙසේ වුව ද ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදු වී ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත. නමුත් ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ද පිපුරුම් ශබ්ද ඇසුණු බව වාර්තා වෙයි. ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය සැලසුම් කරමින් සිටින බව ගෙවුණු සති කිහිපයේ දී ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය මෙන්ම ඉරාකයත් සිය ගුවන් කලාපය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගත්තේ ය. ඉරානයේ බටහිර සහ නිරිත දිග පිහිටි හමුදා මූලස්ථාන ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී තිබුණි.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාව නිමා කරමින් සිය ගුවන් යානා ආරක්ෂිතව ඊශ්‍රායලයට පැමිණි බව ද පසුව ඊශ්‍රායලය නිවේදනය කළේ ය. ඊශ්‍රායලය අනාවරණ කරන්නේ තමන් ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර ද ඉලක්ක කළ බව ය.

ඊශ්‍රායලය මෙලෙස ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයත් පවසන්නේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමේ අයිතිය පවතින බවයි. ඊශ්‍රායලයට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙසට ද ඇමෙරිකාව ඉරානයට අවධාරණය කර තිබේ.

දිනෙන් දින තීව්‍ර වන ඉරාන-ඊශ්‍රායල ගැටුම මේ වන විට සැලකිය යුතු මට්ටමකින් කලාපීය වර්ධනයක් අත් කරගෙන ඇත. ඊශ්‍රායල් හමුදා ගසා තීරයේ සිය පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අතරතුර හමාස් සහ හිස්බුල්ලා විසින් අණ දෙන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර දියත් කරන්නට විය. ඉරානය, ඉරාකය, ලෙබනනය සහ යේමනයේ එහි ප්‍රොක්සි කණ්ඩායම් සමග එක්ව ඊශ්‍රායලයේ නගර සහ යටිතල පහසුකම්වලට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර ඇතුළුව විශාල ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කළේය. මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක ස්ථාන සහ ටෙල් අවිව් අසල යටිතල පහසුකම්වලට සහ සිවිල් ජනතාව සිටින ප්‍රහාර වලින් හානි සිදුවිය.

හිස්බුල්ලා සහ හමාස් නායකයන් මෙන්ම ඉරානයේ ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඝාතනය වීමත් සමඟ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග දියත් කරමින් ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කළේය. 

එසේම ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් සැලකිය යුතු ගොඩබිම් මෙහෙයුමක් දියත් කර ඇත. ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් මෙහෙයවන ලද මෙම ව්‍යාපාරය හිස්බුල්ලා කණ්ඩායමට සම්බන්ධ භූගත ජාල, ආයුධ ගබඩා හා අනෙකුත් හමුදා ස්ථාන විනාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

සිරියානු අරාබි හමුදාව ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය බේරූට් හි හිස්බුල්ලා ස්ථාන සහ සිරියාවේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එසේම හිස්බුල්ලා විසින් ටෙල් අවිව් අසල ඊශ්‍රායලය තුළ ප්‍රධාන ස්ථාන ඉලක්ක කරගත් "faid-4" ඇතුළු මධ්‍යම දුර රොකට් මගින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. හිස්බුල්ලා සංවිධානය පෙරට වඩා ගැඹුරින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත්  සමග මෙය තව තවත් තීව්‍ර වන ගැටුමක් බවට පත්වී ඇත. 

8e83df8c151953015dbb85599481862e.jpg

නොවැම්බර් පළවෙනිදා උදෑසන ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය ඩ්‍රෝන සහ මිසයිල සම්බන්ධ පහසුකම් කෙරෙහි අවධානය යොමු කරමින් ඉරාන යටිතල පහසුකම්වලට තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කළේය. මෙම ප්‍රහාර එල්ල වූයේ දිගු දුර ප්‍රහාර දිගට ම කර ගෙන යාමට ඉරානයට ඇති හැකියාව මැඩ පැවැත්වීමට සහ කලාපය තුළ  මිත්‍ර පාක්ෂිකයන්ගේ මෙහෙයුම් ධාරිතාවය හීන කිරීමටයි.

හිස්බුල්ලා උතුරු ඊශ්‍රායලයට පහර එල්ල කරමින් විශේෂයෙන්ම ලෙබනන  දේශසීමාවට ආසන්න ඊශ්‍රායල නගර ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා දකුණු ලෙබනනයේ හිස්බුල්ලාට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කළහ. මේ ආකාරයට ම ඉරානය විසින් මෙහෙයවන ප්‍රහාර දිගට ම පැවතුණහොත් ඊශ්‍රායලයේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කළ හැකි බව නිවේදනය කර ඇත. මෙම තත්ත්වයන් ඊශ්‍රායලයේ සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අනෙකුත් රටවල් සඳහා පීඩනයක් වී ඇත. 

0e7f8ce0902f735656dac182138f492d.jpg

ඉහළ හමුදාව ප්‍රදේශයේ ගොඩනැගිලි සඳහා ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් පසු සිකුරාදා දින අලුයම බේරූටි දකුණු තදාසන්න ප්‍රදේශවලට අවම වශයෙන් ප්‍රහාර දහයක් පමණ එල්ලවී ඇත. මේ පිළිබඳව ජාතික පුවත්පත් ඒජන්සිය පවසනු ලබන්නේ ගොඩනැගිලි දුසිම් ගණනක් බිමට සමතලා කර ඇති බැවින් වැටලීම් ඉලක්ක කරගත් ප්‍රදේශවලට දැවැන්ත විනාශයක් සිදු වූ බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජ්මින් නෙතන්යාහු එක්සත් ජනපති නිලධාරීන්ට හමුවේ දේශසීමාවේ දෙපස ම මරණ සංඛ්‍යාව ඉහළ යන නිසාවෙන් ලෙබනනය හිස්බුල්ලා  සංවිධානය සමඟ ඊශ්‍රායලය යුද්ධය අවසන් කිරීමට හැකි ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරන ලදි. ඔවුන්ගේ මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර වුව ද ඊශ්‍රායල් වෛද්‍යවරුන් සහ ප්‍රාදේශීය නායකයෙකු වාර්තා කරනු ලැබුවේ ලෙබනනේ දේශසීමා ගින්නෙන් ඊශ්‍රායල ජාතිකයන් හත් දෙනෙකු පමණ මිය ගිය බවයි.

මධ්‍යම ගාසා  තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙහි දී ද මිය ගිය පිරිස අතර වන බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත. ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර ඊශ්‍රායලයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කරගත් අතර විශේෂයෙන් ටෙල් අවිව් සහ මධ්‍යම ඊශ්‍රායලය වැනි ප්‍රදේශ ඉලක්ක කර ගත්හ. මෙම මිසයිල ප්‍රහාර ඉරානය විසින් එල්ල කරන ලද පෙර ප්‍රහාරවලට වඩා විශාල වූ බවට වාර්තා වේ. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයට සහාය දැක්වීමට පියවර ගත්තේය. ඇමරිකානු වත්කම්වලට හෝ මිත්‍ර පාක්ෂිකයන්ට ඇතිවිය හැකි තර්ජන අපේක්ෂාවෙන් කලාපීය ආරක්ෂාව තර කිරීම සඳහා F-15,F-16,A-10,F-22 යන ප්‍රහාරක ජෙට් යානා යෙදවීමෙන් එක්සත් ජනපදය සිය මිලිටරි පැවැත්ම ශක්තිමත් කරන්නට විය.

මෙම යුධ වාතාවරණය වෙතට ලෝකයේ බලවතුන්ගේ ද මැදිහත්වීම හා අවධානය යොමුවී තිබීම හේතුවෙන් තවදුරටත් මෙම තත්ත්වය උත්සන්න වීම සහ කලාපය යුද්ධයක් බවට පරිවර්තනය වීමේ තත්ත්වය තව තවත් උග්‍ර වීමේ ලකුණු පෙන්නුම් කරයි.

 

සැකසුම : තිසාරා රාජපක්ෂ, මංජුලා දිසානායක, තමාලි පතිරාජ

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required