
කිරම ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගොඩ මහතා පවසා තිබෙන්නේ බෙලිඅත්ත, තංගල්ල, වලස්මුල්ල, ඔකේවෙල ප්‍රදේශවල කිරම ඔය අවට ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි.
කිරම ඔයෙන් වරාපිටිය ජලාශයට අඩි 3 බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර කැකිරියගොඩ ජලාශයට අගල් 14 බැගින් වාන් දොරටුවක් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.