/
/
title icon
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට හෙට විශේෂ දිනයක්
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට හෙට විශේෂ දිනයක්
Kavindi Yaggahavit
3 months ago
Share:
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට හෙට විශේෂ දිනයක්

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට(03) නම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ, ඒ අනුව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි.

ලිපි බෙදීම සඳහා අනියුක්ත කර ඇති කාර්ය මණ්ඩලය 8000ක් පමණ බව ද හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ඔවුන් ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ඇති බව ද සදහන්.

නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required