අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත බව පැවසේ.
එම තීරණය ගෙන තිබෙන්නේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් වන බව සඳහන්.
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කර තිබෙන්නේ සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.