මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය අද නුවරඑළියේ සංවිධාන කළ ජන හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට සැලසුම් කර ඇති බවයි.