/
/
title icon රටවල් 15ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දිවයිනට කැඳවයි
රටවල් 15ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දිවයිනට කැඳවයි
Kavindi Yaggahavit
2 weeks ago
Share:
රටවල් 15ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දිවයිනට කැඳවයි

රටවල් 15ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවා තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් බව සඳහන්.

ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන එම තනතුරුවල කටයුතු කළ මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙලස කැඳවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස්,

බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්, හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම,

ඉන්දීය මහ කොමසාරිස්, හිටපු තානාපතිවරියක වන ෂෙනුකා සෙනවිරත්න,

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන චිත්‍රාංගනී වාගිෂ්වර,

ජපානයේ තානාපති රොඩ්නි පෙරේරා,

මලයාසියාවේ මහ කොමසාරිස්, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස්,

නේපාල තානාපති, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුදර්ශන පතිරණ,

කියුබා තානාපති, හිටපු නාවික හමුදාපතිවරයෙකු වන නිශාන්ත උළුගෙතැන්න,

පකිස්තානයේ මහ කොමසාරිස්, හිටපු නාවික හමුදාපතිවරයෙකු වන රවීන්ද්‍ර විජේගුණරත්න,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති උදය ඉන්ද්‍රරත්න,

කෙන්යාවේ මහ කොමසාරිස් බී කනනාදන්,

සීෂෙල්ස් මහ කොමසාරිස්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරෙකු වන ශ්‍රීමාල් වික්‍රමසිංහ,

ඉරාන තානාපති මොහොමඩ් ශාහිඩ් යන මහත්ම මහත්මීන් යළි මෙරටට කැඳවා තිබෙනවා.

විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත ඉදිරියේදී එම තනතුරු සඳහා විදේශ සේවයේ සුදුසු පුද්ගලයින් පත් කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required