වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසා තිබෙනවා.
ඒ, අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් වන බව පැවසේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසා තිබෙන්නේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි. එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු පවසා ඇති බව සඳහන්.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු පවසා තිබෙනවා.