2024 (2025) සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.
පෞද්ගලික අයදුම්කරුවන් විභාගය සඳහා අයදුම්කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු බව එහි දැක්වෙනවා.
ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.
අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පරිශීලක නාම (User name) හා මුර පද (Password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා.
2024 නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.