/
/
title icon
මහ කන්නයේ පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීම ඇරඹේ
මහ කන්නයේ පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීම ඇරඹේ
Editor
3 months ago
Share:
මහ කන්නයේ පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීම ඇරඹේ

2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

එහි දෙවන අදියරේදී රුපියල් මිලයන 46.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,475ක් වෙනුවෙන්ද, තුන්වන අදියරේදී රුපියල් මිලියන 57.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,219කටද, සිව්වන අදියරේදී රුපියල් මිලියන 47.7ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,804ක් වෙනුවෙන්ද නිකුත් කරනු ඇති.

එමෙන්ම ඔහු පැවසුවේ අද දිනයේදි භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 279.4ක මුදලක් ලැබෙන බවත්, එය ගොවීන් 22,419ක් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 19කට බෙදා දීමට නියමිතව ඇති බවයි. 

ඒ අනුව සමස්තය ලෙස රුපියල් මිලියන 441.8ක් ගොවීන් වෙනුවෙන් බෙදාදී ඇති බව ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required