/
/
title icon විදුලිබල මණ්ඩලේ පෞද්ගලීකරණය නවතී
විදුලිබල මණ්ඩලේ පෞද්ගලීකරණය නවතී
Editor
2 weeks ago
Share:
විදුලිබල මණ්ඩලේ පෞද්ගලීකරණය නවතී

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය මස 23 වැනිදා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යෑම, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීම සහ සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමත් යන කාලීන ඇගයීම් සිදුකරමින් ආයතනික ප්‍රතිසංස්කරණ කිරීමට කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් මත ක්‍රියාත්මක කරවීමටත් මෙහිදී තීරණය වී ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහිදී තනි ගැනුම්කරු මාදිලියක් තුළ තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කිරීමටත් යෝජනා වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required