
ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු 38 හැවිරිදි කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.