/
/
title icon පෘථිවි භ්‍රමණයට පවා බලපෑම් කරන ලොව විශාලතම වේල්ල
පෘථිවි භ්‍රමණයට පවා බලපෑම් කරන ලොව විශාලතම වේල්ල
Manjula Disanayaka
2 weeks ago
Share:
පෘථිවි භ්‍රමණයට පවා බලපෑම් කරන ලොව විශාලතම වේල්ල

නූතන ඉතිහාසය වඩාත්ම දියුණු ඉංජිනේරු ව්‍යාපෘතියක් ලෙස Three Gorges Dam හඳුන්වා දිය හැකි අතර චීනයේ වේගවත් නවීකරණයේ සංකේතයක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය. චීනයේ Hubei පළාතේ Yangtze ගඟේ පිහිටා ඇති මෙම වේල්ල ලෝකයේ ධාරිතාවය අනුව විශාලතම ජල විදුලි බලාගාරයයි. එය බලශක්ති නිෂ්පාදනය ගංවතුර පාලනය පරිසර බලපෑම සඳහා චීනයේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

යැංසි ගඟේ මහා පරිමාණ වේල්ලක් පිළිබඳ අදහස විසිවෙන සියවසේ මුල් භාගයේ සිට පැවතෙන්නකි. ව්‍යාපෘතිය සඳහා මූලික සංකල්පය  1910 ගණන්වල  මතු වූ නමුත් දේශපාලන ස්ථාවරත්වය ,යුද සහ එවැනි දැවැන්ත උත්සාහයක තාක්ෂණික අභියෝග හේතුවෙන් ප්‍රමාද විය.1980 ගණන් වලදී මෙය සැලසුම් කිරීම ආරම්භ කෙරිණි .ආසන්න වශයෙන් මේ සඳහා ඩොලර් මිලියන 31 පමණ වැය වී ඇති බව වාර්තාවේ. මෙම වේල්ල ඉදිකිරීමේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ ගංවතුර පාලනය, ජල විදුලි බල උත්පාදනය සහ වැඩිදියුණු කරන ගංගා සංචලන සදහාය.

මෙහි දිග කිලෝමීටර් 600 ක් එනම් සැතපුම් 370ක් හා පළල සමහර ස්ථානවල 1.1km  එකක් පමණ වේ.සමස්ත ධාරිතාවය ගන කිලෝමීටර් 39.3 ක් වන බව සඳහන් වේ.මෙගාවොට් 22 500ක පමණ ස්ථාපිත ධාරිතාවයකින් යුක්ත වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 175 ක් උසින් සහ යැංසි ගං මට්ටමේ සිට මීටර් 91 ක් උසින් පිහිටි වර්ග කිලෝමීටර් 1045 ක් වූ ජලාශය හරහා බැදි මෙම වේල්ලේ දිග මීටර් 2.335 ක් පමණ වන අතර පලල මීටර් 115 ක් පමණ වේ.වාර්ෂික ජනන ධාරිතාවය ආසන්නන වශයෙන් 87WTh  බව සඳහන් වේ.

චීනයේ යැංසි ගඟ සෘතුමය ගංවතුරට ගොදුරු වන ගංගාවකි.මෙම ගැටලුව අවම කිරීම හා කළමනාකරණය කිරීම සඳහා Thee geogre Dam ඉදිකර ඇත. පහළ ප්‍රදේශවල ගංවතුර මට්ටම් පාලනය කිරීම සඳහා ජලාශයට විශාල ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාව ඇත. ගංවතුර පාලනය කිරීමේ හැකියාව නිසා Yangtze දිගේ නගර හා ගොවි බිම්  ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් කාර්යයක් ඉටු කරනු ලබයි.චීනයේ ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් ලෙස Thee geogre Dam පෙන්වා දිය හැකිය. මේ චීනයේ නිෂ්පාදනයට ගල් අඟුරු බලාගාර මත යැපීම අඩු කරමින් මිලියන ගණනාවක් නිවාස සඳහා පිරිසිදු විදුලිය ලබාදෙයි.

Thee geogre Dam යැංසි ගඟේ ස්වභාවික පරිසර විද්‍යාව වෙනස් කිරීමට සමත් වී ඇත එය ජල ප්‍රවාහය සහ උෂ්ණත්වය වෙනස් කිරීමෙන් මත්ස්‍ය ගහනයට බලපා ඇති අතර යැංසි ගංගාව ආශ්‍රිතව සිටින ඩොල්ෆින් වැනි සත්වයන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. ජෛව  විවිධත්වය ජලය සහ අවසාදිතය කෙරෙහි මෙම වේල්ල බලපානු බව බොහෝ පරිසරවේදීන්ගේ මතයයි. මෙතරම් ප්‍රමාණයේ ස්කන්ධයක එකතු වීම හෝ අඩු වීම පෘථිවියේ භ්‍රමණයට බලපානු ලබන්නේ 'අවස්ථිති ඝූර්ණය '  (Moment of Inertia) යන සංසිද්ධිය නිසාය.  මෙලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 175 ක් ඉහළින් ජලය කිලෝග්‍රෑම් ට්‍රිලියන 39 ක් ඉහළ නැංවීම පෘථිවියේ අවස්ථිති මොහොත වැඩි කරන අතර එමඟින් එහි භ්‍රමණය මන්දගාමී වේ.නාසා විද්‍යාඥායින් ගණනය කර ඇති පරිදි එවැනි ස්කන්ධයක් මාරුවීම මගින් දවසේ දිග මයික්‍රෝ තත්පර 0.06 කින් පමණක් වැඩි වන අතර පෘථිවිය මැදට වඩා තරමක් වටකුරු හා ඉහළට වඩා පැතලි වනු ඇති බවයි. එය ධ්‍රැවයේ පිහිටීම සෙන්ටිමීටර දෙකකින්  වෙනස් කරනු ඇත.

පාරිසරික බලපෑම්

Thee geogre Dam ජලාශය ඉදිකිරීමේදී  වර්ග කිලෝමීටර් 632 භූමි ප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති නිසාවෙන් විවිධ පරිසර පද්ධතිවලට හානි සිදු වී ඇත. චීන ගංගා ඩොල්ෆින් වැනි යැංසි ගංගාවට ආවේණික ජීවීන් විශේෂ කිහිපයකටම ඔවුන්ගේ ආවේණික වාසස්ථාන අහිමි වී ඇත .එසේම ජල තත්ත්ව වෙනස් වීමත් සමඟ තවත් විශාල ජීවීන් ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටියි. මෙම වේල්ල යැංසි ගංගාවේ ස්වභාවික ගලා යාම වෙනස් කර ඇති අතර අවසාදිත රටා කෙරෙහි බලපෑම් ඇති කර ඇත. මේ නිසාවෙන් ජලයේ ගුණාත්මක භාවයට අහිතකර ලෙස බලපා ඇති අතර එය පෝෂක ප්‍රවාහය අඩුවීමෙන් පහළට ගලා බසි.ජලාශයේ  ජල පීඩනය අවම ප්‍රදේශවල නාය යෑම් අවදානම් වැඩි කර ඇත එසේම අවට කඳුකරයේ ඇති අස්ථාවරත්වය හේතුවෙන් දහස් ගණනක් ජනයා වෙනත් ස්ථානවලට පලවා හැර ඇත.

දේශගුණික හා කාලගුණික බලපෑම්

මෙම Thee geogre Dam  විශාල ජලාශයේ පැවැත්ම එම කලාපයේ දේශීය කාලගුණික රටාවන්ටද  සුළු වශයෙන් බලපෑම් එල්ල කර ඇත දැවැන්ත ජල ස්කන්ධය අවට ප්‍රදේශවල ආද්‍රතාවයට  හා උෂ්ණත්වයට බලපෑම් කරන අතර නිතර නිතර මීදුම හා ජලාශය අසල වර්ෂාපතනය ඇතිවීමට එය හේතු වී ඇත.Thee geogre Dam වේල මගින් ජලනය කරන විදුලිය පොසිල ඉන්ධන ප්‍රතිස්ථාපනය කරයි.කාබන් විමෝචනය අඩු කිරීමට දායක වන අතර ගල් අඟුරු මත යැපෙන පැතිවල වායු දුෂණ මට්ටම අඩු කරමින් චීනයේ දේශගුණික තත්ත්වයන්ටද සහාය වේ.

සමාජ හා සංස්කෘතික බලපෑම

Thee geogre Dam ඉදිකිරීමේ දී ආසන්න වශයෙන් මිලියන 1.3   ජනතාවක් අවතැන් විය.නමුත් චීන රජය විසින් මෙම අවතැන්  වූ ජනතාව සඳහා නව නගර ඉදිකරමින් ඔවුන්ව නැවත පදිංචි කිරීම සිදු කළේය.එසේම වසර දහස් ගණනක් පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන ඇතුළුව පැරණි සංස්කෘතික ස්ථාන රැසක් ජලයෙන් යටවියත් මේවායෙන් සමහරක් නැවත ස්ථානගත කළද තවත් සමහරක් සදහටම අහිමි විය.

ඕනෑම දෙයක හොඳ මෙන්ම නරක යන පැති දෙකක් ඇති අතර මෙම Thee geogre Dam ද යහපත් මෙන්ම යහපත් බලපෑම් ද ඇති කරයි. නමුත් මෙය මිනිසාගේ ඉංජිනේරු  තාක්ෂණයේ වූ  විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්වීම උචිත වේ.

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required