ලෝක බලවතා කවුරුන්දැයි තීරණය කෙරෙන අමෙරිකානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම මෙලෙස අද පැවැත්වෙන අතර, ජනපති සටනට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උපජනාධිපති කමලා හැරිස් තරග වදිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් අතර තියුණු තරගයක් පවතින බවයි.
මැතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශය දැනටමත් ආරම්භ වී ඇති අතර, එහි සාම්ප්‍රදායික මැදියම් රැය පළමු ඡන්ද ප්‍රකාශ කිරීම නිව් හැම්ප්ෂයර් හි කුඩා නගරයක් වන ඩික්ස්විලී නොච් හිදී පැවැත්වුණා.