/
/
title icon අල්ලස් ලබා ගත් රේගු නිලධාරීන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්
අල්ලස් ලබා ගත් රේගු නිලධාරීන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්
Uresha Perera
2 weeks ago
Share:
අල්ලස් ලබා ගත් රේගු නිලධාරීන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද  බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required