කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆී ෂිහාබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කරනු ලැබුවා.
ඒ අදාළ නඩුව කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයී.
මව්වරුන් 4000කට පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.
මෙහිදී වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.