
ලෝක බලවතා ලෙස තේරී පත්වීමට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද සමත් වුණේ අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙසයි.
අමෙරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 266ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 218ක් පමණයි.
ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ පිහිටි ඔහුගේ මැතිවරණ මූලස්ථානයේදී ප්‍රකාශයට පත්කළා.
එහිදී ඔහු පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවයි.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ඊයේ ආරම්භ කෙරුණා.