කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේ වත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇළෙන් එගොඩ වීමට ගිය කැබ් රථයක් සැඩපහර හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
ඊයේ (05) සවස මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය පැවසුවේ කැබ් රථය මීටර් 50ක් පමණ ගසාගෙන ගොස් තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය වූ අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කැබ් රථයේ ගමන් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් හා 69ක් වූ බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවන්ය.
මෘත ශරීර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.