/
/
title icon ජනාධිපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්
ජනාධිපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්
Presila Sandaruwani
1 week ago
Share:
ජනාධිපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

එහි දි වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන් ම දෙරට අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්වරයා එහි දි ප්‍රකාශ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required