/
/
title icon මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පරීක්ෂණ රහස් පොලීසියට දෙන්නැයි ඉල්ලීමක්
මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පරීක්ෂණ රහස් පොලීසියට දෙන්නැයි ඉල්ලීමක්
Editor
1 week ago
Share:
මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පරීක්ෂණ රහස් පොලීසියට දෙන්නැයි ඉල්ලීමක්

ඝාතනයට ලක්වූ ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඉල්ලමින් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ එම මෝසමට අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාළව එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එහෙත් අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය නම් අදාළ ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලීසියට නියෝග කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required