සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාර දී තිබෙනවා.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක් ද නිර්මාණය වූවා.
මතු වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වූ අතර එහි දී තීරණය කෙරුණේ සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙස ම පවත්වාගෙන යාමටයි.
මෙවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණා.