අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි එමගින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් යොමු කළ යුතුයි.
අදාළ පැමිණිල්ල [email protected] යන විද්‍යුත් ලිපියනයට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.