
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම එළැඹෙන වසරේ ජනවාරි හෝ පෙබරවාරි වන විට සිදුනොවන්නේ නම් නැවත අරගලයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සංවිධානයේ ප්‍රධාන භාණ්ඩාගාරික විජිත උබේවර්ණ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරණයට පෙර පැවසූවත් ඔහු දැන් ක්‍රියා කරන්නේ එවැනි යමක් නොපැවසූ ආකාරයට බවයි.
ඔහු මේ පිළිබඳ පවසා සිටියේ කොළඹ පිටකොටුවේ පිහිටි ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්කිරීමට මූලික වූයේ රාජ්‍ය සේවකයන් බැවින් ඔවුන්ගේ ගැටලු විසඳීම වර්තමාන රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි.