
රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.
එම මුදල විදුහලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබා ගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.