ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්රකට "Wanderlust" සංචාරක සඟරාව "ශ්රී ලංකාව" පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබෙනවා.
කීර්තිමත් වොන්ඩලස්ට් පාඨක සංචාරක සම්මාන ප්රදානය ලන්ඩන් නුවරදී පසුගියදා පැවැත්වුණු අතර, සංචාරකයන් අතර ආකර්ෂණීය මෙන්ම විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාව පදනම් කරගනිමින් ශ්රී ලංකාවට පාඨක ඡන්ද දෙලක්ෂයක් පමණ හිමිව ඇති බව සඳහන්.
වොන්ඩලස්ට් සංචාරක සඟරාව පසුගිය වසරේ ශ්රී ලංකාව නම් කර තිබුණේ ලොව වඩාත් ආකර්ෂණීය දිවයින් අතර 08 වන ස්ථානයටයි.
ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්ද හඳුන්වන ශ්රී ලංකාවේ ඓතිහාසික ස්මාරක අතර සීගිරිය, දඹුල්ලේ ලෙන් විහාරය මෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුවේ නටඹුන් කැපී පෙනෙන බවයි ශ්රී ලංකාව පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරමින් වොන්ඩලස්ට් සඟරාව සඳහන් කළේ.