නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන 2024 මහමැතිවරණයේදී සිය ඡන්දය භාවිත කරන ලෙස සියලුම ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඉල්ලා සිටිනවා.
ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබාදී ඇති අයිතියක් බැවින් සිය ඡන්දය භාවිත කරන ලෙසයි ඔහු කියා සිටියේ.
මේ අතර, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අද අවසන් වුණා.
පසුගිය ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ සහ අද අවස්ථාව ලබාදී තිබුණා.