
කුරුණෑගල ප්‍රදේශයේ පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි 1,000ක් පමණ වංචා කළ පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ , අද අලුයම කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි සැකකරු “ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නමැති පිරමීඩ මූල්‍ය ආයතනයක් පවත්වා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කට පමණ මුදල් වංචා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මූල්‍ය ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් තිබෙනවා .
මීට අමතරව, කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බැවින් , එම කොට්ඨාසය වෙත ද අදාළ සැකකරුවන් යොමු කිරීමට නියමිතයි.