ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව,එහි සභාපති ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා මහතා පත්ව ඇති අතර උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතා පත්ව තිබෙන බව සඳහන්.
පසුගිය මස 26 වැනිදා පැවැති මැතිවරණයේදී ජාතික ජන බලවේගය, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් විය.
ඒ, ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගනිමින් ය.