
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ට්‍රම්ප් ඝාතන උත්සාහය සඳහා “සැලැස්මක් සැපයීම” යන චෝදනාව යටතේ ඔහුට අධිචෝදනා ගොනු කර ඇති බවයි.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතරඅ මෙරිකානු රජය පැවසා ඇත්තේ ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි.
පසුගිය දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කිරීමට තැත් කිරීමේ සිද්ධීන් දෙකක් වාර්තා වී තිබෙනවා.