විදුලි ගාස්තුව 30%කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දඹුල්ලේ අද පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියකදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
වසරක් එකහමාරක් පමණ කාලයක් ඇතුළත විදුලිබල ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් ඇති කරන බවත්, විදුලි බිල 30%කට වඩා වැඩි ප්රමාණයකින් අඩු කරන බවත් මෙහිදී ඔහු ප්රකාශ කළා.
ඒ සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට කෙටි කාලයක් ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.